ඕස්ට්‍රේලියානු රජය විසින් Working Holiday Visa සඳහා හඳුන්වා දී ඇති නව සංශෝධන හේතුවෙන් Far North Queensland කලාපයේ සංචාරක සහ කෘෂිකාර්මික ක්ෂේත්‍ර දැඩි ශ්‍රම හිඟයකට මුහුණ දී සිටින බව වාර්තා වනවා.
නව ක්‍රමවේදය යටතේ දෙවන සහ තෙවන වසරේ වීසා ලබාගැනීම සඳහා ballot system හඳුන්වා දී ඇති අතර, තෙවන වසරේ වීසා බලපත්‍රය ලැබීමේ අවස්ථාව සීමිත වීම නිසා සංචාරකයින් ප්‍රාදේශීය ප්‍රදේශවල සේවය කිරීමට පැමිණීම ප්‍රතික්ෂේප කරන බවයි ක්ෂේත්‍රයේ ප්‍රධානීන් පෙන්වා දෙන්නේ. Cairns හි හෝටල්, ආපනශාලා මෙන්ම Far North Queensland හි ගොවිපළවල් රැසක ශ්‍රම බලකායෙන් සැලකිය යුතු පිරිසක් මෙම Working Holiday Visa මත සේවය කරන පිරිස් වනවා.
මෙම ශ්‍රම හිඟය ඉදිරි උත්සව සහ අස්වැන්න නෙළන සමයන්හිදී සංචාරක සේවාවලට මෙන්ම එළවළු සහ පලතුරු මිල ඉහළ යාමටද සෘජුවම බලපෑ හැකි බවටයි ව්‍යාපාරික නායකයින් වැඩිදුරටත් අනතුරු අඟවන්නේ.



