ඕස්ට්‍රේලියාව තුළ විදුලි මෝටර් රථ අලෙවිය දෙගුණයකින් ඉහළ ගොස් ඇති අතර, මේ වන විට අලුතින් අලෙවි වන වාහන හතරකින් එකක්ම විදුලි මෝටර් රථයක් වන බව Electric Vehicle Council (EVC) වාර්තාවක් හෙළි කරනවා.

ගෝලීය ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන මිල ඉහළ යාම නිසා ජීවන පිරිවැය අඩු කරගැනීමේ පියවරක් ලෙස බොහෝ ඕස්ට්‍රේලියානුවන් විදුලි මෝටර් රථ වෙත යොමු වී සිටිනවා. ඩොලර් 20,000ට අඩු මට්ටමේ විදුලි මෝටර් රථ වෙළඳපොළට පැමිණීමත් සමග Melbourne හි Tarneit වැනි උපනගරවල මෙම නැඹුරුව ඉහළ ගොස් ඇති අතර, පසුගිය මාසයේදී පෙට්‍රල් සහ ඩීසල් වාහන අභිබවා විදුලි මෝටර් රථ අලෙවිය ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියාවේ පවතින මිලියන 21ක් වන සමස්ත වාහන සංඛ්‍යාවෙන් විදුලි මෝටර් රථ ප්‍රතිශතය තවමත් 3%ක් වැනි අඩු මට්ටමක පවතින අතර, ප්‍රවාහන ක්ෂේත්‍රයේ කාබන් විමෝචනය අවම කිරීමේ රාජ්‍ය ඉලක්ක සපුරා ගැනීමට නම් charging පහසුකම් වැඩිදියුණු කිරීම සහ බර වාහන ප්‍රවාහන ක්ෂේත්‍රයද විදුලි බලයට පරිවර්තනය කිරීම අත්‍යවශ්‍ය බවයි එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.