Amazon Australia ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන දින 7ක Prime Big Deal Days විශේෂ වට්ටම් අලෙවිය යටතේ, ජනප්‍රිය Kindle e-reader උපකරණවල මිල ගණන් වාර්තාගත ලෙස පහත හෙළා තිබෙනවා.
පොත් කියවීමට ලැදි පාරිභෝගිකයින් සඳහා වඩාත් පහසුවෙන් භාවිත කළ හැකි මෙම සැහැල්ලු Kindle උපකරණ අතරින් Paperwhite Signature මාදිලිය $259කට සහ ප්‍රථම වතාවට වර්ණවත් ලෙස පොත් පිටු නරඹමින් කියවිය හැකි Colorsoft මාදිලිය $334කට ආදී වශයෙන් විශේෂ වට්ටම් සහිතව ලබාගැනීමට පහසුකම් සලසා තිබෙනවා. සති 12ක් දක්වා පවතින බැටරි බලය, ඇසට පහසු තිර සැකසුම් සහ දහස් සංඛ්‍යාත පොත් පත සංඛ්‍යාවක් එකවර ගබඩා කර තබා ගැනීමේ හැකියාව මෙම උපකරණවල ඇති විශේෂත්වයයි.
Amazon Prime සාමාජිකයින් වෙනුවෙන්ම වෙන්වුණු මෙම විශේෂ දින 7ක අලෙවි කාලසීමාව තුළ Kindle උපකරණවලට අමතරව තවත් තාක්ෂණික සහ ගෘහස්ත භාණ්ඩ රැසක් සඳහාද ඉහළ වට්ටම් පිරිනමන බවයි එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.



