West Bank හි සංවර්ධනය වන Israeli ජනපදවලට එරෙහිව වෙළඳ සම්බාධක පැනවීමට UK ප්රමුඛ රටවල් සමූහය ගත් තීරණයෙන් ඕස්ට්‍රේලියාව අවසන් මොහොතේ ඉවත් වීම ගැන යුරෝපීය රාජ්‍යතන්ත්‍රිකයන් කලකිරීමට පත්ව සිටිනවා.
මීට පෙර UK, France, Canada ඇතුළු රටවල් 12ක් එකතුවෙමින් West Bank හි සිදුවන නීති විරෝධී ජනපදකරණය සහ "ජනවාර්ගික ශුද්ධපවිත්ර කිරීම්" හෙළා දකිමින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළා. එම සාකච්ඡා සඳහා ඕස්ට්‍රේලියාව ද සම්බන්ධ වී සිටි නමුත්, අවසන් මොහොතේ ඊට අත්සන් තැබීමෙන් වැළකී සිටීමට Canberra පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, මේ පිළිබඳව අදහස් දක්වන ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සමස්ත ආනයන තහනම් කිරීම් නිසා සාමාන්‍ය Palestinian වැසියන්ට විය හැකි බලපෑම් පිළිබඳව අවධානය යොමු කරමින්, වඩාත් ඉලක්කගත පියවර ගැනීමට තමන් සූදානම් වන බවයි.



