Tasman මුහුද දෙසින් පැමිණෙන අධික පීඩන පද්ධතියක් හේතුවෙන් South Australia, NSW, Victoria සහ Tasmania යන ප්‍රාන්ත 4 හි මිලියන සංඛ්‍යාත ජනතාවකට ඉදිරි සතිය තුළ තද වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන අතර ඒ සඳහා සූදානමින් සිටින ලෙස කාලගුණ විද්‍යා කාර්යාංශය දැනුම් දෙනවා.
මෙම පද්ධතිය නිසා ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයට තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, සාමාන්‍යයෙන් 10mm ත් 20mm ත් අතර වැසි පතනයක් අපේක්ෂා කෙරෙනවා.
විශේෂයෙන් Victoria හි උතුරු සහ ඊසානදිග ප්‍රදේශවලට 30mm සිට 50mm දක්වා වැඩි වැසි පතනයක් ලැබිය හැකි බැවින්, අදාළ ප්‍රදේශවල ගංගාවල ජල මට්ටම ඉහළ යාමේ අවදානමක් පවතින බවයි කාලගුණ විද්‍යාඥ Dean Narramore පවසන්නේ.



