ඕස්ට්‍රේලියාවේ Blue Mountains හි Valley Heights ප්‍රදේශයේදී මෝටර් රථයක් තුළ සිදුවූ බව කියන පිහියෙන් ඇනීමේ සිද්ධියකින් කුඩා දරුවෙකු මියගොස්, තවත් දරුවන් දෙදෙනෙකු සහ කාන්තාවක් බරපතල තත්ත්වයෙන් පසුවනවා.
ඉරිදා දහවල් 1.00ට පමණ Waratah මාර්ගය වෙත හදිසි සේවා කැඳවා ඇත්තේ මෝටර් රථයක් තුළ කාන්තාවක් සහ දරුවන් තිදෙනෙකු පිහියෙන් ඇනීමෙන් තුවාල ලබා ඇති බවට ලැබුණු තොරතුරක් අනුවයි.
ප්‍රදේශවාසීන් ඔවුන්ට ප්‍රථමාධාර ලබාදෙමින් හදිසි සේවා දැනුවත් කර තිබෙනවා. කෙසේ වෙතත්, එක් දරුවෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, අනෙක් දරුවන් දෙදෙනා සහ කාන්තාව The Children’s Hospital at Westmead සහ Westmead Hospital වෙත රැගෙන ගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් New South Wales පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, මේ වන විට වෙනත් කිසිවෙකු සම්බන්ධයෙන් සොයමින් නොසිටින බව පොලිසිය සඳහන් කරනවා. සිද්ධිය පිළිබඳ තොරතුරු ඇති අයගෙන් ඒවා පොලිසිය වෙත ලබාදෙන ලෙස ඉල්ලීමක්ද කර තිබෙනවා.



