ලබන ඔක්තෝබර් 1 වනදා සිට ඕස්ට්‍රේලියානු මහ බැංකුවේ නව තීරණයකට අනුව ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම් සඳහා පාරිභෝගිකයින්ගෙන් අමතර ගාස්තු අය කිරීම සම්පූර්ණයෙන්ම අහෝසි කෙරෙනවා.
Visa, Mastercard, eftpos, American Express සහ PayPal ඇතුළු සියලුම ප්‍රධාන කාඩ්පත් පද්ධති සඳහා මෙම 'No-surcharge' නීතිය බලපැවැත්වෙන අතර, ඒ අනුව මින්පසු කාඩ්පත්වලින් ගෙවීම් කිරීමේදී පාරිභෝගිකයින්ට අතිරේක මුදලක් ගෙවීමට සිදු වන්නේ නැහැ. කෙසේ වෙතත්, සතිඅන්ත සහ රජයේ නිවාඩු දිනවල අය කෙරෙන අමතර ගාස්තු මෙන්ම සේවා ගාස්තු සඳහා මෙම තීරණය අදාළ වන්නේ නැහැ.
ව්‍යාපාරවලට සිදුවන පිරිවැය පියවා ගැනීම සඳහා සිය භාණ්ඩ හා සේවාවල සමස්ත මිල ගණන් සංශෝධනය කිරීමට අවස්ථාව හිමිවන අතර, ව්‍යාපාරිකයින්ට කාඩ්පත් ගෙවීම් වෙනුවෙන් දැරීමට සිදුවන පිරිවැය අඩු කිරීමටද RBA ආයතනය පියවර ගෙන තිබෙනවා.



