Virgin ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් තමන්ව ඉවත් කිරීම නිසා දැඩි ලෙස අපහසුතාවයට සහ අසාධාරණයට ලක්වූ බව පවසමින් ආබාධිත හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන Shane Hryhorec නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙනවා. Sydney සිට Adelaide බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයේදී, ඔහුගේ රෝද පුටුවේ මෝටර් කොටස (portable motor device) අසුන යට තැබීමට නොහැකි වීම සහ එය සහායක සුනඛයා (service dog) අසල තැබීමට ආරක්ෂිත නොවීම හේතුවෙන් ගුවන් සේවකයින් සමඟ සංවාදයක් ඇතිව තිබෙනවා.
අවසානයේ අනෙකුත් මගීන් ඉදිරියේ තමන්ව ගුවන් යානයෙන් බැස්සවීමට පියවර ගත් බවත්, එය තමන් මුහුණ දුන් වඩාත්ම නින්දාසහගත අත්දැකීමක් බවත් ඔහු සඳහන් කළා. මේ සම්බන්ධයෙන් Human Rights Commission වෙත පැමිණිලි කිරීමට සූදානම් වන Shane Hryhorec, එහිදී විසඳුමක් නොලැබුණහොත් Federal Court වෙත යන බවටද අවධාරණය කර සිටිනවා. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත්, සියලුම මගීන්ට පහසු ගුවන් ගමන් අත්දැකීමක් ලබාදීමට කැපවන බවත් Virgin ගුවන් සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙනවා.



