ඕස්ට්‍රේලියාවේ අධික දන්ත වෛද්‍ය ගාස්තු හේතුවෙන්, අඩු පිරිවැයකට දන්ත ප්‍රතිකාර ලබාගැනීම සඳහා Vietnam වෙත යන ඕස්ට්‍රේලියා වැසියන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඕස්ට්‍රේලියා හිදී ඩොලර් 40,000කට ආසන්න මුදලක් වැයවන ප්‍රතිකාර සඳහා Vietnam හිදී වැයවන්නේ එයින් තුනෙන් පංගුවක මුදලක් පමණක් වීමත්, ගුවන් ටිකට්පත්, නවාතැන් සහ ආහාර පවා එම පැකේජවලට ඇතුළත් වීමත් මීට ප්‍රධාන හේතුවයි. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය සහ influencers හරහා Vietnam දන්ත සායන මගින් ඕස්ට්‍රේලියා සහ New Zealand වැසියන් ඉලක්ක කර ගනිමින් දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපාර ක්‍රියාත්මක කරන බවයි වාර්තා වන්නේ.
2030 වන විට වසරකට විදේශීය වෛද්‍ය සංචාරකයින් ලක්ෂ 7 හමාරක් දක්වා ආකර්ෂණය කරගැනීමට Vietnam රජය සැලසුම් කර තිබෙනවා.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඕස්ට්‍රේලියානු දන්ත වෛද්‍ය සංගමයෙහි Scott Davis සඳහන් කරන්නේ, කෙටි කාලයකදී මෙවැනි සංකීර්ණ ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු සංකූලතා ඇතිවී ආපසු පැමිණෙන රෝගීන් රැසක් තමන්ට හමුවන බවයි. විදේශයන්හිදී සිදුවන වෛද්‍ය අතපසුවීම් සම්බන්ධයෙන් වන්දි ලබාගැනීමේදී පවතින නීතිමය ආරක්ෂාව සීමිත බැවින්, ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



