Victoria ප්‍රාන්තයේ සමස්ත අපරාධ අනුපාතය 3.8%කින් පහළ ගොස් ඇති බව නවතම දත්ත වාර්තා මගින් අනාවරණය වී තිබෙනවා.

ඒ අතර තරුණ අපරාධ ප්‍රවණතාව  8.1%කින් පහළ ගොස් ඇති අතර, නිවාසවලට බලහත්කාරයෙන් ඇතුළු වීම් 27% කින් සහ මෝටර් රථ කොල්ලකෑම් 25%කින් අඩුවී තිබෙනවා. එසේම බරපතල ප්‍රචණ්ඩකාරී අපරාධ ද  4%කින් පහළ ගොස් ඇති බවයි Crime Statistics Agency ආයතනයේ ප්‍රධාන සංඛ්‍යා දත්ත විශේෂඥ Fiona Dowsley පවසන්නේ.

කෙසේ වෙතත්, කොකේන් සහ මෙත් වැනි මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම් 18.5% කින් ඉහළ ගොස් ඇති බවත්, තවමත් අපරාධ අනුපාතය ඉහළ මට්ටමක පවතින බවත් Victoria පොලිසිය සඳහන් කරනවා. මීට අමතරව, Victoria පොලිසිය තවදුරටත් පුරප්පාඩු 1340කට අධික සංඛ්‍යාවකින් යුත් සේවක හිඟයකට මුහුණ දී සිටින බවද වාර්තා වනවා.