Victoria ප්‍රාන්තයේ Big Build ඉදිකිරීම් ව්‍යාපෘතිවල සිදුවූ බව කියන දූෂණ සහ වංචා පිළිබඳ සොයා බැලීම සඳහා ප්‍රාන්ත අගමැති Ben Carroll විසින් රාජකීය කොමිසමක් පත්කර තිබෙනවා. මෙම ඉදිකිරීම් ව්‍යාපෘති හේතුවෙන් ජනතාවගේ බදු මුදල් ඩොලර් බිලියන 15ක් පමණ අපතේ ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

අලුතින් පත්කළ මෙම රාජකීය කොමිසමේ කොන්දේසි පිළිබඳව දූෂණ විරෝධී නීතිඥ Geoffrey Watson මහතා සිය ප්‍රසාදය පළ කර සිටිනවා. මෙමගින් හිටපු ප්‍රාන්ත අගමැති ද ඇතුළුව ඕනෑම මැති ඇමතිවරයෙකු කැඳවා ප්‍රශ්න කිරීමට බලය පවතින බවයි වාර්තා වන්නේ.

දකුණු ඔස්ට්‍රේලියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු අගවිනිසුරු Christopher Kourakis ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම පරීක්ෂණය සඳහා ඩොලර් මිලියන 50ක අයවැයක් වෙන්කර ඇති අතර, මාස 12ක් ඇතුළත අදාළ අවසාන වාර්තාව ලබාදීමට නියමිතයි.