Victoria හි ඉදිකිරීම් ක්ෂේත්රයේ සිදුවන දූෂණ සහ අක්‍රමිකතා සෙවීම සඳහා පත්කළ රාජකීය කොමිෂන් සභාවේ ප්‍රධානියා ලෙස, South Australia හි හිටපු අගවිනිසුරු Christopher Kourakis පත්කර තිබෙනවා. ඒ බව ප්‍රාන්ත අගමැති Ben Carroll විසින් නිවේදනය කළා.
මෙම විමර්ශනය සඳහා කිසිදු සීමාවක් පනවා නොමැති අතර, රාජ්‍ය සහ සිවිල් යටිතල පහසුකම් ව්‍යාපෘතිවල සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට පුළුල් බලතල හිමිවනවා. "Victoria වැසියන්ට සත්‍යය දැනගැනීමේ අයිතියක් තිබෙනවා. අපරාධ කණ්ඩායම් ඉදිකිරීම් ක්ෂේත්රයට ඇතුළු වූයේ කෙසේද, ඊට ඉඩදුන්නේ කවුද සහ මෙය නැවත සිදුනොවීමට ගතයුතු පියවර මොනවාද යන්න සෙවීම මගේ ප්‍රමුඛතාවයි" යනුවෙන් ප්‍රාන්ත අගමැති Carroll සඳහන් කළා.
$50 million ක අයවැයක් වෙන්කර ඇති මෙම කොමිෂන් සභාවේ වාර්තාව ලබන වසරේ අගෝස්තු 20 වනදා වනවිට රජයට භාරදීමට නියමිතයි. Construction union ඉදිකිරීම් සමාගම් සහ රජයේ නිලධාරීන්ගේ කාර්යභාරය ගැනද මෙහිදී විමර්ශනය කෙරෙන අතර, CFMEU සංවිධානය පවසා සිටියේ මෙම පරීක්ෂණ සඳහා සම්පූර්ණ සහය ලබාදෙන බවයි.



