Victoria හි regional ප්‍රදේශයේදී අතුරුදහන් වූ Samantha Murphy නමැති තිදරු මව ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින 24 හැවිරිදි Patrick Orren Stephenson නැමැත්තා, හදිසියේ රෝහල් ගත කිරීමෙන් පසුව නැවත බන්ධනාගාරය වෙත යොමු කර තිබෙනවා.
Melbourne Assessment බන්ධනාගාරයෙහි රැඳවුම් භාරයේ සිටි මොහු, පසුගිය සිකුරාදා සියදිවි නසා ගැනීමට තැත් කිරීම හේතුවෙන් මෙලෙස වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය 2024 පෙබරවාරි මාසයේදී Ballarat හි Canadian State Forest ප්‍රදේශයේදී අතුරුදහන් වූ Samantha Murphy ගේ සිරුර මෙතෙක් සොයාගෙන නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් 2024 මාර්තු මාසයේදී අත්අඩංගුවට පත් Stephenson එළඹෙන සතියේ නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



