Victorian ප්‍රාන්තයේ රජයේ පාසල් පද්ධතිය තුළම සිසුන්ට උසස් අධ්‍යාපන දක්ෂතා දැක්වීමට අවස්ථාව සැලසෙන select entry schools ආරම්භ කිරීමට පියවර ගන්නා බව විපක්ෂ අධ්‍යාපන ප්‍රකාශක වන Brad Rowswell පවසනවා.

තමන් ජීවත්වන ප්‍රදේශය හෝ postcode එක කුමක් වුවත්, සෑම Victorian සිසුවෙකුටම තමන්ගේ උපරිම දක්ෂතා අතරට යාමටත්, සාධාරණ තරඟකාරීත්වයක් යටතේ මෙවැනි පාසල්වලට ඇතුළත් වීමටත් මෙයින් අවස්ථාව හිමිවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණ ප්‍රචාරණ කටයුතු උණුසුම් වෙමින් පවතින පසුබිමක Coalition පක්ෂය විසින් මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා. මේ අතර නැවත බලයට පත්වුවහොත් ස්ත්‍රී දූෂකයින්, ලිංගික අපරාධකරුවන් සහ පවුල් ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ අපරාධකරුවන් එරෙහිව තදබල නීතිමය දඬුවම් පැනවීමට කටයුතු කරන බවට ප්‍රාන්ත අගමැති Ben Carroll ද පසුගිය සති අන්තයේදී පොරොන්දු වුණා.