අත්අඩංගුවට ගත් 18 හැවිරිදි තරුණයෙකුට  පහරදුන් බවට චෝදනා ලැබූ Victoria ප්‍රාන්තයේ පොලිස් නිලධාරියෙකුට එරෙහිව මෙරට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව (IBAC) මගින් නඩු පවරා තිබෙනවා.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී Ballarat ප්‍රදේශයේදී සිදු වූ අත්අඩංගුවට ගැනීමකදී, මාංචු දමා යටත් කර සිටි අදාළ තරුණයාට මෙම විමර්ශන ජ්‍යෙෂ්ඨ පොලිස් කොස්තාපල් විසින් පහරදී ඇති බවයි හෙළිව තිබෙන්නේ. මෙම පහරදීම සම්බන්ධයෙන් IBAC ආයතනය මගින් "Operation Loch" නමින් විශේෂ විමර්ශනයක් පැවැත්වූ අතර, ඊට අදාළ නඩුව ලබන මාසයේදී Ballarat මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතයි.