ඕස්ට්‍රේලියාවේ බලශක්ති ක්ෂේත්රයේ නව පරිච්ඡේදයක් සලකුණු කරමින්, Victorian ප්‍රාන්තයේ පළමු මුහුදු තීරයේ සුළං බල ව්‍යාපෘතිය සඳහා නිල වශයෙන් යෝජනා කැඳවීම ආරම්භ කර තිබෙනවා.
ප්‍රාන්ත බලශක්ති අමාත්‍ය Jaclyn Symes ප්‍රකාශ කළේ, ගිගාවොට් 2ක ධාරිතාවයකින් යුත් මෙම ව්‍යාපෘතිය මගින් නිවාස ලක්ෂ 15කට පමණ විදුලිය සැපයීමට හැකිවන බවයි. ගල්අඟුරු බලගැන්වුම් මධ්‍යස්ථාන වසා දැමීමට නියමිත පසුබිමක, මෙමගින් දැවැන්ත ආයෝජනයක් සහ රැකියා අවස්ථා දහස් ගණනක් නිර්මාණය වන බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.
Gippsland වෙරළ තීරය ආශ්‍රිතව ඉදිවන මෙම ව්‍යාපෘති සඳහා Energy Services Entry Mechanism නමැති ක්‍රමවේදය ඔස්සේ ආයෝජකයින්ට දීර්ඝකාලීන මූල්‍ය ආරක්ෂාවක් සහ ස්ථාවරත්වයක් ලබාදීමට කටයුතු යොදා තිබෙනවා.
මෙම යෝජනා කැඳවීමේ ක්‍රියාවලිය 2027 අගෝස්තු දක්වා පැවැත්වෙන අතර, අදාළ කොන්ත්‍රාත්තු 2028 වසරේදී පිරිනැමීමට නියමිතයි.
ඉදිරි වසර කිහිපය තුළ Gippsland හි Yallourn සහ New South Wales හි Eraring වැනි ප්‍රධාන ගල්අඟුරු බලාගාර වසා දැමීමට නියමිත බැවින්, ඇතිවිය හැකි බලශක්ති හිඟයට පිළියමක් ලෙස මෙම සුළං බලශක්ති ව්‍යාපෘති කඩිනම් කිරීම ඉතා වැදගත් වන බවයි බලශක්ති විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.



