ඕස්ට්‍රේලියාවේ පවතින පැරණි නීතියක් හේතුවෙන් Victoria ප්‍රාන්තයේ වයස 18ට අඩු තරුණ සේවකයින් දහස් ගණනකට ඩොලර් මිලියන 115ක පමණ විශ්‍රාම අරමුදල් අහිමි වන බව නවතම විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා.
Super Members Council ආයතනය පෙන්වා දෙන්නේ, වයස 18ට අඩු සේවකයෙකු එකම ආයතනයක සතියකට පැය 30කට වඩා සේවය නොකරන්නේ නම්, ඔවුන්ට අනිවාර්ය Superannuation දායකත්වය ලබා නොදීමට පවතින නීතියෙන් ඉඩ සලසා ඇති බවයි.
මේ අනුව 2026-27 වර්ෂයේදී Victoria ප්‍රාන්තයේ තරුණ සේවකයින් 156,000කට පමණ එක් අයෙකුට සාමාන්‍යයෙන් ඩොලර් 735 බැගින් වූ සුපර් මුදල් අහිමි වන බව සඳහන්. Super Members Council හි ප්‍රධාන විධායක Misha Schubert පැවසුවේ, ඕස්ට්‍රේලියාවේ අනෙක් ප්‍රාන්ත සමග බලනවිට වැඩිම අලාභයක් සිදුවන්නේ Victoria හි තරුණයින්ට බවයි.
"අනෙකුත් ලක්ෂ 170ක සේවකයින් භුක්ති විඳින මූලික අයිතිවාසිකම Victoria හි තරුණයින්ට අහිමි වීම සාධාරණ නැහැ. වැටුපක් ලබන සෑම තරුණයෙකුටම Superannuation දායකත්වය හිමිවිය යුතුයි.," යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළා.
මෙම මුදල් වර්ෂය තුළ NSW ප්‍රාන්තයේ තරුණයින්ට ඩොලර් මිලියන 105ක්ද, සමස්ත ඕස්ට්‍රේලියාව පුරාම ඩොලර් මිලියන 411ක සුපර් මුදල්ද අහිමි වන බවයි අදාළ වාර්තාවල දැක්වෙන්නේ.
මේ අතර, පවතින මෙම නීතිය වෙනස් කිරීම සඳහා Greens පක්ෂය විසින් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති අතර, Federal Treasurer වන Jim Chalmers ද මෙම නීති සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම නීතිමය වෙනස මගින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා දැඩි බලපෑමක් එල්ල විය හැකි බවට ඕස්ට්‍රේලියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය කනස්සල්ල පළ කර සිටිනවා.



