ඕස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත සියල්ල අභිබවා යමින් Victoria ප්‍රාන්තයේ මෝටර් රථ සොකරකම් සහ නිවාස බිඳීම් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව ඕස්ට්‍රේලියානු රක්ෂණ කවුන්සිලයේ දත්තවලට අනුව අනාවරණය වනවා.

අලුත්ම දත්තවලට අනුව, Victoria ප්‍රාන්තයේ සෑම විනාඩි 43කට වරක්ම මෝටර් රථයක් සොරකම් කිරීම හෝ එයට අනවසරයෙන් ඇතුළුවීමක් වාර්තා වනවා. එමෙන්ම සෑම පැය දෙකකට වරක්ම නිවසක් බිඳ දේපළ සොරකම් කිරීමක් සිදුවන බවයි අනාවරණය වී ඇත්තේ. මෙම සිදුවීම්වලින් වැඩි ප්‍රමාණයක් Melbourne නගරයෙන් වාර්තා වී තිබීම විශේෂත්වයක්.

මෙම තත්ත්වය හමුවේ අදහස් දක්වන ඕස්ට්‍රේලියානු රක්ෂණ කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී Andrew Hall ප්‍රකාශ කළේ, මෙවැනි ඉහළ අපරාධ අනුපාතයක් සාමාන්‍ය තත්ත්වයක් ලෙස පිළිගත නොහැකි බවත්, මෙම තත්ත්වය පාලනය කිරීමට Victoria පොලිසියසහ රජය වහාම වෙනස්ම ආකාරයේ දැඩි ක්‍රියාමාර්ග වෙත යොමුවිය යුතු බවත්ය.