ඉදිරි Victorian ප්‍රාන්ත මැතිවරණයේ One Nation පක්ෂ අපේක්ෂකයෙකු වන Ben Lucas, තමාට අයත් ව්‍යාපාරික ස්ථානයක සෞඛ්‍ය නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා.
Baw Baw Shire Council හි මන්ත්‍රීවරයෙකු ද වන ඔහු, නිසි ලියාපදිංචියකින් තොරව Drouin ප්‍රදේශයේ Zen Den Drouin ආයතනය හරහා සෝනා (saunas) සහ අයිස් බාත් (ice baths) පහසුකම් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙලෙස වරදකරු වී ඇති බව සඳහන්. Latrobe Valley මහේස්ත්‍රාත් අධිකරණය හමුවේදී නඩුව විභාග වූ අතර, එහිදී විනිසුරු Anthony Gywnne විසින් ඔහුට ඩොලර් 4,000 ක දඩයක් නියම කර තිබෙනවා.
අධිකරණ තීන්දුවෙන් පසුව අදහස් දැක්වූ Ben Lucas කියා සිටියේ, පාලනමය වශයෙන් සිදු වූ ප්‍රමාදයක් සම්බන්ධයෙන් තමා වරද පිළිගත් බවත්, මෙම කටයුතු නිමවීමත් සමඟ ඉදිරි මැතිවරණ ප්‍රචාරණ කටයුතු කෙරෙහි අවධානය යොමුකරන බවත්ය.



