Victoria ප්‍රාන්තයේ අලුතින් හඳුන්වා දුන් "Adult Time for Violent Crime" නීතිය යටතේ නඩු පවරන ලද පළමු 16 හැවිරිදි තරුණියට, විශේෂ කරුණු සලකා බලා සිරදඬුවම් පැනවීමෙන් තොරව නිදහස ලබාදීමට අධිකරණය තීරණය කර තිබෙනවා.
Melbourne හි Dandenong ප්‍රදේශයේදී මෙම තරුණිය, ටැක්සි රියදුරෙකුට පිහියක් පෙන්වා තර්ජනය කර අදාළ රථය පැහැරගෙන අධික වේගයෙන් පදවා ගොස් අනතුරට ලක්කර තිබුණා.
යොවුන් අපරාධ වැඩිවීමට පිළියමක් ලෙස හඳුන්වා දුන් මෙම අලුත් නීතිය යටතේ බරපතල අපරාධ සිදුකරන බාලවයස්කරුවන්ට වැඩිහිටියන්ගේ අධිකරණ හමුවේ නඩු පවරා වසර 3 ක අවම සිරදඬුවමක් නියම කිරීමට ප්‍රතිපාදන පවතිනවා.
කෙසේ වෙතත්, County Court හි විනිසුරු Scott Johns සඳහන් කළේ අදාළ තරුණිය මුල් වරට අපරාධයකට සම්බන්ධ වීම, දැඩි පවුල් පසුබිම් ගැටලු සහ ඇයගේ මානසික සෞඛ්‍ය තත්ත්වය යන විශේෂ කරුණු සලකා බලා වසර 1.5 ක යොවුන් අධීක්ෂණ නියෝගයක් යටතේ ඇයට පුනරුත්ථාපනය වීමට අවස්ථාව ලබාදෙන බවයි.



