Victoria හි Merrigum, Waverley Avenue හි පිහිටි Caravan උද්‍යානයකදී සිදු වූ මරණයක් සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතන පරීක්ෂණයක් (Murder Investigation) ආරම්භ කර තිබෙනවා.

සෙනසුරාදා අලුයම 3.10 ට පමණ ලැබුණු පහරදීමේ තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ Victoria පොලීස් නිලධාරීන්, එම ස්ථානයේ බරපතල තුවාල ලබා සිටි පුද්ගලයන් දෙදෙනෙකු සොයාගෙන තිබෙනවා. එහිදී එක් පුද්ගලයෙකුට ක්ෂණිකව ප්‍රථමාධාර සහ CPR ලබා දුන්නද ඔහුව බේරාගැනීමට හැකිවී නැහැ.

අනෙක් තැනැත්තා බරපතල නොවන තුවාල සහිතව රෝහල්ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඝාතන විමර්ශන අංශයේ නිලධාරීන් මගින් විශේෂ පරීක්ෂණයක් පවත්වන අතර, තොරතුරක් වෙතොත් Crime Stoppers හරහා දැනුම් දෙන ලෙස බලධාරීන් ඉල්ලා සිටිනවා.