ලබන ඔක්තෝබර් 4 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි Collingwood, Fitzroy, Southbank සහ North Melbourne යන පොලිස් ස්ථාන 4 හි මහජන සේවා කවුන්ටර වසා දැමීමට Victoria පොලීසිය තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම පොලිස් ස්ථාන 4 ම මෙහෙයුම් කටයුතු සඳහා පැය 24 පුරාම විවෘතව පවතින අතර, මෙලෙස කවුන්ටර සේවා සීමා කිරීම හරහා වැඩි නිලධාරීන් පිරිසක් ක්ෂේත්‍ර රාජකාරි, මාර්ග මුර සංචාර සහ අපරාධ මර්දන මෙහෙයුම් සඳහා යොදවා ගැනීමට හැකිවන බවයි සහකාර කොමසාරිස් Jo Stafford ප්‍රකාශ කළේ .

මහජන කවුන්ටර සේවා අවශ්‍ය වන ප්‍රදේශවාසීන්ට ආසන්නයේ පිහිටි Melbourne West, Melbourne East සහ Richmond යන පොලිස් ස්ථාන වෙත යොමුවිය හැකියි.

මේ අතර, එළඹෙන වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණය හමුවේ පොලිස් ප්‍රතිපාදන සහ සම්පත් භාවිතය සම්බන්ධයෙන් රජය සහ විපක්ෂය අතර දැඩි දේශපාලන සංවාදයක් ද මේ වන විට මතුව තිබෙනවා.