Victoria හි කුඩා දැරියක සති කිහිපයක දැඩි සෞඛ්‍ය සංකූලතාවලින් පසුව මියගොස් ඇති අතර, ඊට හේතුව අතිශය දුර්ලභ බැක්ටීරියා ආසාදනයක් බව සෞඛ්‍ය අංශ තහවුරු කර තිබෙනවා.
පසුගිය අගෝස්තු 31 වැනිදා මියගිය මෙම දැරිය, Petting Zoo එකකින් ශරීරගත වූ STEC බැක්ටීරියාවක් හේතුවෙන් හටගත් HUS නමැති රෝගී තත්ත්වයට ගොදුරුවී සිටි බවයි පවුලේ ඥාතීන් සඳහන් කරන්නේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Victoria හි නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය නිලධාරිනී Clare Looker සඳහන් කළේ, මෙම බැක්ටීරියා ආසාදනය දරුණු තත්ත්වයට පත්වීම අතිශය දුර්ලභ සිදුවීමක් බවයි. එමෙන්ම සතුන් ඇල්ලීමෙන් පසුව හොඳින් දෑත් සෝදාගන්නා ලෙසද ඇය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රාන්ත අගමැති Ben Carroll ද දැරියගේ පවුලේ වෙනුවෙන් සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.



