Victorian රාජ්‍යයේ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ස්වාධීන උපදෙස් ලබාදුන් Infrastructure Victoria සහ Economic Growth Victoria යන ආයතන ද්විත්වය වසා දැමීමට ප්‍රාන්ත අගමැති Ben Carrollගේ රජය තීරණය කර තිබෙනවා.

මුදල් අමාත්‍ය Enver Erdogan. සඳහන් කළේ මෙම පියවර හරහා ඉදිරි වසර හතර තුළ ඩොලර් මිලියන 12 ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකිවන අතර, රැකියා 50 ක් පමණ අහිමි වනු ඇති බවයි. 2015 වසරේදී Daniel Andrews විසින් ආරම්භ කරන ලද මෙම ආයතනයේ කටයුතු ඉදිරියේදී ප්‍රවාහන හා සැලසුම් දෙපාර්තමේන්තුව වෙත පවරනු ලබනවා.

කෙසේ වෙතත්, Infrastructure Victoria ප්‍රධානී Jonathan Spear පවසන්නේ ස්වාධීන උපදෙස් ලබාදීම හරහා වැදගත් තීරණ රැසකට සහාය වූ මෙවැනි ආයතනයක් වසා දැමීම කණගාටුදායක බවයි. මීට අමතරව රාජ්‍ය අංශයේ උපදේශකයන් සඳහා වන පිරිවැය, නිල උත්සව සහ නාමපුවරු සඳහා වන අනවශ්‍ය වියදම් සීමා කිරීමට ද රජය තීරණය කර තිබෙනවා.