Victoria හි Traralgon හි පිහිටි Latrobe Special Developmental School හි සිදුවූ බව කියන ලිංගික, ශාරීරික සහ මානසික වධහිංසා පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් රජය සුදුසු බලධාරීන් සමඟ එක්ව කටයුතු කරන බව ප්‍රාන්ත අගමැති Ben Carroll ප්‍රකාශ කර තිබෙනවා.
Voices for Special Needs (VFSN) නමැති දෙමාපිය සංවිධානය පෙන්වා දෙන්නේ, 2008 සිට 2026 දක්වා කාලය තුළ විශේෂ අවශ්‍යතා සහිත සිසුන් ඉලක්ක කරගනිමින් මෙම අපයෝජනයන් සිදුව ඇති බවයි. මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙසත්, පන්ති කාමර සහ බස් රථ තුළ ආරක්ෂිත කැමරා සවිකරන ලෙසත් එම සංවිධානය ඉල්ලා සිටිනවා.
මෙම චෝදනා ඉතා කණගාටුදායක බවත්, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය උපරිමයෙන් පෙනී සිටින බවත් ප්‍රාන්ත අගමැති Ben Carroll වැඩිදුරටත් සඳහන් කළා. කෙසේ වෙතත්, ස්වාධීන පරීක්ෂණයක් පවත්වන බවට ඔහු සෘජු පොරොන්දුවක් ලබා දී නැහැ.



