ඉදිරි මැතිවරණයෙන් Labor පක්ෂය නැවත බලයට පත් වුවහොත්, වික්ටෝරියා ප්‍රාන්තයේ හානි වී ඇති මාර්ග නඩත්තු කිරීම සඳහා සිරකරුවන් යොදවා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

ප්‍රාන්ත අගමැති Ben Carroll ප්‍රකාශ කළේ, Corrections Victoria ආයතනය සමග එක්ව අවම ආරක්ෂිත සිරකරුවන් යොදවා ගනිමින් නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.මෙමගින් පුහුණු මාර්ග නඩත්තු ශ්‍රමිකයින්ට මාර්ගවල වළවල් පිළිසකර කිරීම වැනි ප්‍රධාන කටයුතු සඳහා අවධානය යොමු කිරීමට කාලය ඉතිරි වන බවයි ප්‍රාන්ත අගමැති Ben Carroll වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත්, විපක්ෂයේ මාර්ග කටයුතු පිළිබඳ අමාත්‍ය Danny O'Brien පවසන්නේ මෙය මැතිවරණය ආසන්නයේ ජනතාව මුලා කිරීමට Labor රජය ගෙන ආ තවත් තවත් එක් දේශපාලන උපක්‍රමයක් පමණක් බවයි.