රුසියානු ගුවන් කලාපය සිවිල් ගුවන් ගමන් සඳහා "අතිශයින්ම අනතුරුදායක" බවට Ukraine ජනාධිපති Volodymyr Zelenskyy කර තිබෙන විශේෂ අනතුරු ඇඟවීමත් සමඟ, ගෝලීය ගුවන් ගමන් ක්ෂේත්රයේ දැඩි නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා.
රුසියාව විසින් ඕස්ට්‍රේලියාව, යුරෝපය සහ උතුරු ඇමරිකාවට අයත් ගුවන් සමාගම් සඳහා තම ගුවන් කලාපය වසා දමා වසර හතරකට අධික කාලයක් ගතවී තිබුණද, චීනය, ඉන්දියාව සහ ගල්ෆ් කලාපීය රටවලට අයත් ගුවන් සමාගම් තවමත් මෙම ගුවන් කලාපය භාවිත කරනු ලබනවා. විශේෂයෙන්ම චීනයේ Guangzhou හෝ Shanghai හරහා සහ ඉන්දියාවේ Delhi හරහා ගමන් කරන ඕස්ට්‍රේලියානු මගීන් රැගත් ගුවන් යානා ද මෙම අනතුරුදායක රුසියානු ගුවන් කලාපය හරහා පියාසර කරන බව සඳහන්.
Ukraine එල්ල කරන දීර්ඝ පරාසයේ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ රුසියානු ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වීම නිසා සිවිල් ගුවන් යානාවලට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවයි Zelenskyy පෙන්වා දෙන්නේ. මෙම අනතුරු ඇඟවීමත් සමග Turkish Airlines, flydubai ඇතුළු විදේශීය ගුවන් සමාගම් 27 ක් පමණ Moscow වෙත ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් වාර රැසක් අවලංගු කිරීමට හෝ වෙනත් මාර්ග වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, රුසියානු ජනාධිපති Vladimir Putin මෙම අනතුරු ඇඟවීම "රාජ්‍ය ත්‍රස්තවාදී ප්‍රකාශයක්" ලෙස හඳුන්වා දෙමින් ප්‍රතික්ෂේප කර ඇති අතර, Russia හි civil aviation බලධාරීන් පවසන්නේ සියලුම ගුවන් තොටුපොළවල් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි.
නමුත් International Civil Aviation Organization (ICAO) වෙත කරුණු දක්වමින් Ukraine රජය ඉල්ලා සිටින්නේ රුසියානු ගුවන් කලාපය හරහා සිවිල් ගුවන් ගමන් තහනම් කිරීමට පියවර ගන්නා ලෙසයි.



