Uber රථයක් තුළදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු වූ රියදුරෙකු වන 35 හැවිරිදි Muhammad Uzair Ehsan නැමැත්තාට Adelaide මහේස්ත්‍රාත් අධිකරණය විසින් වසරක සිරදඬුවමක් නියම කර තිබෙනවා.
මාස 8 ක කාලයක් යනතුරු ඔහුට ඇප හිමි නොවන බවයි අධිකරණය තීන්දු කළේ. සිය නිවසට ආරක්ෂිතව යාම සඳහා Uber රථයක නැගී පැමිණි අදාළ කාන්තාවගේ අසරණ තත්ත්වයෙන් ප්‍රයෝජන ගනිමින් මොහු මෙම අතවරය සිදුකර ඇති බව සඳහන්.
නඩුව විභාග වන අතරතුර සැකකරු තමා කළ වරද සම්බන්ධයෙන් කිසිදු කනගාටුවක් පළ නොකළ බවත්, මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට බැඳී සිටින රියදුරන් මෙවැනි වැරදි සිදුකිරීම බරපතල තත්ත්වයක් බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නා. මෙම සිද්ධියත් සමඟම අදාළ රියදුරාව තම සේවාවෙන් ඉවත් කිරීමට Uber ආයතනය පියවර ගෙන තිබෙනවා.



