තස්මේනියාවේ Central Highlands හි පිහිටි Tungatinah විදුලි බලාගාරයේ පසුගිය සතියේ සිදුවූ ගිනිගැනීම අහඹු ලෙස සිදුවූ අනතුරක් බව තස්මේනියානු ගිනි නිවන සේවය තහවුරු කරනවා.
Tasmania ගිනි නිවන සේවයේ නියෝජ්‍ය ප්‍රධාන නිලධාරී Matt Lowe සඳහන් කළේ, ගින්න හටගෙන ඇත්තේ ප්‍රධාන ටර්බයිනවලින් බැහැරව පිහිටි assembly bay floor කොටසේ බවයි. ගොඩනැගිල්ලට සිදුව ඇති දැඩි හානිය සහ ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණය හමුවේ විමර්ශන කටයුතු සංකීර්ණ වූ අතර, වැඩිදුර පරීක්ෂණ ඉදිරි මාස කිහිපය තුළත් ක්‍රියාත්මක වන බව ඔහු පැවසුවා. මේ වන විට එම පරිශ්‍රය Hydro Tasmania ආයතනය වෙත නැවත භාරදී තිබෙනවා.
මේ අතර, ගොඩනැගිල්ලට සිදුව ඇති දැඩි හානිය නිසා එය සම්පූර්ණයෙන්ම කඩා ඉවත් කිරීමට සිදුවන බව Hydro Tasmania හි CEO, Rachel Watson ප්‍රකාශ කළා. විදුලි උත්පාදන යන්ත්‍රවලට සිදුව ඇති හානිය නිශ්චිතව තක්සේරු කිරීමට තවමත් නොහැකි වී ඇති අතර, බලාගාරය නැවත ගොඩනැගීමට ගතවන කාලය ඉදිරියේදී තීරණය කෙරෙනු ඇති.
මෙගාවොට් 142 ක ධාරිතාවයකින් යුත් Tungatinah බලාගාරය මගින් තස්මේනියාවේ විදුලි අවශ්‍යතාවයෙන් 5% කට ආසන්න ප්‍රමාණයක් සපයනු ලැබුවා.



