Albanese රජය විසින් දුම්කොළ සඳහා අධික ලෙස බදු අය කිරීම නිසා සාමාන්‍ය ජනතාව නීති විරෝධී දුම්කොළ වෙළඳපොළ දෙසට යොමුවෙමින් සිටින බවට විපක්ෂ නායක Angus Taylor චෝදනා කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ නීත්‍යානුකූල සිගරට් පැකට්ටුවක මිල ඩොලර් 50ක් පමණ වන අතර, නීති විරෝධී සිගරට් පැකට්ටුවක් ඩොලර් 15කට හෝ ඊට අඩු මුදලකට ලබාගත හැකි බවයි. මෙම මිල පරතරය නිසා නීතියට ගරුකරන ජනතාව පවා නීති විරෝධී නිෂ්පාදන මිලදී ගැනීමට පෙළඹෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

2025-26 මුල්‍ය වර්ෂයේදී දුම්කොළ බදු ආදායම බලාපොරොත්තු වූවාට වඩා ඩොලර් මිලියන 200කින් අඩුවී ඇති අතර, එය ඩොලර් බිලියන 3.93 දක්වා පහත වැටී තිබෙනවා. නීත්‍යානුකූල දුම්කොළ මිල පහත දැමීම හරහා නීති විරෝධී දුම්කොළ ජාවාරම පාලනය කළ හැකි බවටයි Angus Taylor වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.