Melbourne හි Thomastown ප්‍රදේශයේදී ඉරිදා පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් 22 හැවිරිදි Daniel Hussein නමැති තරුණයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය Daniel Hussein මාස කිහිපයකින් විවාහ වීමට නියමිතව සිටි අයෙක්. වෙඩි තැබීමට සුළු මොහොතකට පෙර අංක තහඩු නොමැති කළු පැහැති Porsche රථයක් සිය පුතුගේ වාහනය ලුහුබැඳ ගිය බවයි ඔහුගේ පියා ප්‍රකාශ කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති පොලිසිය ප්‍රදේශයේ මාර්ග වසා දමා ඇති අතර, සිද්ධිය වූ ස්ථානයේ තිබී රතු පැහැති Ute රථයක්ද පරීක්ෂණ සඳහා පොලිස් භාරයට ගෙන තිබෙනවා. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර, තොරතුරක් දන්නේ නම් Crime Stoppers වෙත දැනුම් දෙන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.