ඕස්ට්‍රේලියාවේ අලෙවි කරන ලද Austral Herbs Certified Organic Premium Peppermint Leaf නිෂ්පාදනයේ ලෝහ කැබලි අඩංගු වීම හේතුවෙන් එය වෙළඳපොළෙන් ඉවත් කර තිබෙනවා. Food Standards Australia New Zealand (FSANZ) ආයතනය මේ බව තහවුරු කළා.
මෙම මතභේදාත්මක තත්ත්වය නිසා 250 g, 1 kg, 5 kg සහ 10 kgයන ඇසුරුම් වර්ග නැවත කැඳවා ඇති අතර, එහි කල් ඉකුත් වීමේ දිනය ලෙස සඳහන් වන්නේ 2029 අප්‍රේල් 2 වන දිනයි.
අදාළ නිෂ්පාදන NSW, Queensland, Victoria, Tasmania, South Australia සහ Western Australia යන ප්‍රාන්තවල ස්වාධීන ආහාර අලෙවිසැල්වලින් සහ අන්තර්ජාලය හරහා අලෙවි කර තිබෙනවා.
මෙම නිෂ්පාදනය මිලදී ගත් පාරිභෝගිකයන් එය පරිභෝජනයෙන් වළකින ලෙසත්, සම්පූර්ණ මුදල් ආපසු ලබා ගැනීම සඳහා අදාළ වෙළඳසැල වෙත නැවත භාර දෙන ලෙසත් බලධාරීන් දන්වා සිටිනවා. සෞඛ්‍ය ගැටළුවක් ඇති වූවහොත් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසයි FSANZ ආයතනය පාරිභෝගිකයන්ට අවවාද කරන්නේ.



