මෙවර TCS Sydney Marathon තරගය පැවැත්වෙන මෙම සති අන්තයේ Sydney නගරයේ CBD සහ නැගෙනහිර තෝරාගත් ප්‍රදේශ කිහිපයක ප්‍රධාන මාර්ග රැසක් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40,000 කට අධික සංඛ්‍යාවක් එක්වන 42km ක මෙම තරගය North Sydney Oval වෙතින් ආරම්භ වී Sydney Harbour Bridge, Pyrmont, Barangaroo, CBD, Surry Hills සහ Centennial Park හරහා ගොස් Opera House අසලින් අවසන් වීමට නියමිතයි.
ඒ අනුව ලබන ඉරිදා අලුයම 2.00 සිට පස්වරු 4.30 දක්වා Harbour Bridge, Western Distributor, Oxford Street සහ Anzac Parade ඇතුළු ප්‍රධාන මාර්ග කිහිපයක් වසා තැබෙනු ඇති. රථවාහන තදබදය මගහැරීම සඳහා පොදු ප්‍රවාහන සේවා භාවිත කරන ලෙස NSW පොලීසිය රියදුරන්ගෙන් සහ නරඹන්නන්ගෙන් ඉල්ලා සිටිනවා.



