ටස්මේනියාවේ රාජ්‍ය ණය ඉහළ යාම හමුවේ අයවැය පිරිවැය සීමා කිරීමේ පියවරක් ලෙස, එරට අධිකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ විශේෂ සෞඛ්‍ය සහ සුභසාධන වැඩසටහන අහෝසි කිරීමට තීරණය කර තිබෙනවා.

බන්ධනාගාර නිලධාරීන් සහ නීතිඥයින් වැනි දැඩි මානසික පීඩනය සහිත රැකියාවල නියුතු 200 කට ආසන්න පිරිසකට මානසික සහ සෞඛ්‍ය සහය ලබා දුන් මෙම වැඩසටහන කප්පාදු කිරීම, සේවකයින්ගේ මානසික මට්ටමට සහ ආරක්ෂාවට එල්ල වූ දැඩි පහරක් බවයි වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.

වික්ටෝරියානු ප්‍රාන්ත රජය ඉදිරි වසර 4 ඇතුළත ඩොලර් මිලියන 67.6 ක මුදලක් කප්පාදු කිරීමට සැලසුම් කර ඇති අතර, එහි පළමු පියවරක් ලෙස මෙලෙස අධිකරණ දෙපාර්තමේන්තුවේ සුභසාධන ඒකකය වසා දමා තිබෙනවා. මේ හේතුවෙන් සේවකයින් දැඩි මානසික ආතතියකට සහ පීඩනයකට ලක්විය හැකි බවට පෙනී යන අතර, තොරතුරු තාක්ෂණ සහ සයිබර් ආරක්ෂණ ඇතුළු තවත් ක්ෂේත්‍ර රැසක රැකියා රැසක් අහෝසි වීමේ අවදානමක්ද මතුව තිබෙනවා.