Tasmania ප්‍රාන්තයේ මෙතෙක් සිදු කළ විශාලතම 'Ice' මත්ද්‍රව්‍ය වැටලීම සිදු කරමින්, කිලෝග්‍රෑම් 17 ක Methamphetamine තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.

Burnie ආසන්නයේ වෙරළාශ්‍රිත රථගාලකදී සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ  වටිනාකම Australian Dollars මිලියන 8.5 ක් පමණ වන බවයි වාර්තා වන්නේ. මීට අමතරව ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයකට ආසන්න මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් New South Wales හි 40 හැවිරිදි පුද්ගලයෙකු සහ Hobart හි 41 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් Devonport මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සංවිධානාත්මක අපරාධ කල්ලි මගින් සිදුකරන මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ඉදිරියටත් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව Tasmania පොලීසිය සඳහන් කරනවා.