Tasmania ප්‍රාන්තයේ නොමිලේ බස් රථ සේවාව ආරම්භ කිරීමත් සමඟ Kinetic බස් සමාගමේ මගී සංඛ්‍යාව 20% කින් පමණ ඉහළ ගොස් තියෙනවා. නමුත් මුදල් අය නොකරන නිසා ආසන වෙන්කර පැමිණෙන්නේ නැති පිරිස වැඩිවීම විශාල ගැටලුවක් වී තිබෙනවා.

මෙයට විසඳුමක් ලෙස, බස් රථය පිටත්වීමට පැය 48 කට පෙර මගීන්ට SMS සහ Email හරහා මතක් කිරීමේ ක්‍රමයක් Hobart සිට Launceston දක්වා මාර්ගයේ අත්හදා බැලූ අතර, එය සාර්ථක වීමත් සමඟ මුළු ප්‍රාන්තයටම ව්‍යාප්ත කිරීමට Kinetic සමාගම තීරණය කර තියෙනවා. එමගින් ආසන අවලංගු කිරීමේ හැකියාව ලැබෙන බැවින් අනෙක් මගීන්ට අවස්ථාව හිමිවෙනවා. Kinetic සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වන Michael Sewards සඳහන් කරන්නේ මගීන් තම ආසන තහවුරු නොකළහොත් ඒවා අවලංගු කිරීමේ තද තීරණයකට ඉදිරියේදී යාමට සිදුවිය හැකි බවයි.

ප්‍රවාහන අමාත්‍ය Kerry Vincent මෙම නව පියවර අගය කර ඇති අතර, 2027 ජූනි 20 දක්වා නොමිලේ ගමන් පහසුකම් ක්‍රියාත්මක වන බැවින් Cubic සමාගම සමඟ එක්වීමට තිබූ නව "smart ticketing system" ව්‍යාපෘතිය දැනට තාවකාලිකව අත්හිටුවා ඇති බවත් සඳහන් කළා.