තමන්ගේ ස්වාමියා ඝාතනය කර සිරුර කැබලි කර කුණුබඳුන්වලට දැමූ Sydney හි පදිංචි Nirmeen Noufl නමැති 56 හැවිරිදි කාන්තාවට වසර හයයි මාස තුනක සිරදඬුවමක් නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.
2023 වසරේ මැයි මාසයේදී සිදු වූ මෙම සිදුවීමේදී, ඇගේ ස්වාමිපුරුෂයා වූ Mamdouh තමන්ට පහරදීමට උත්සාහ කළ අවස්ථාවේදී සිදුකළ ආත්මාරක්ෂාව සඳහා ඇය ඔහුගේ පපුවට පිහියෙන් ඇන ඝාතනය කර තිබුණාපසුව දින කිහිපයක් පුරා සිරුර කැබලි කර කුණු බෑග්වල දමා Sydney පුරා ඇති කණුබඳුන්වලට දමා විනාශ කර ඇති බවයි අධිකරණයේදී හෙළිවුණේ.
නඩුව විභාග කළ නඩුකාර Peter Hammill ප්‍රකාශ කළේ, සිරුර කැබලි කිරීම ඉතා අමානුෂික සහ සිතාගැනීමට පවා නොහැකි ක්‍රියාවක් වුවද, මියගිය පුද්ගලයාගෙන් ඇයට දීර්ඝ කාලයක් තිස්සේ සිදු වූ දැඩි ගෘහස්ථ සහ ලිංගික වධහිංසා සලකා බලා මෙම දඬුවම නියම කළ බවයි. ඇය අත්අඩංගුවට ගත් 2024 වසරේ සිට මෙම සිරදඬුවම් කාලය ගණනය වන අතර, ඒ අනුව 2027 වසරේ ඔක්තෝබර් මාසයේදී ඇයට ඇප මත නිදහස් වීමට සුදුසුකම් ලැබෙනවා.



