Melbourne හි Pullman හෝටලයේදී ඉරිදා රාත්‍රියේ සිදුවූවා යැයි කියන ලිංගික අතවර සිද්ධියක් සම්බන්ධයෙන් Victoria පොලීසිය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙම සිදුවීමට Sydney Swans කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු සම්බන්ධ වී ඇති අතර, මීට අදාළව කාන්තාවන් තිදෙනෙකු සඳුදා උදෑසන හෝටල් පරිශ්‍රයේදී Swans කාර්ය මණ්ඩලය හමුවේ චෝදනා එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

Essendon කණ්ඩායමට එරෙහිව ලබාගත් ජයග්‍රහණයෙන් පසු මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් AFL ආයතනය සහ අදාළ බලධාරීන් දැනුවත් කළ බව Sydney Swans සමාජය තහවුරු කර තිබෙනවා.

නැගෙනහිර Melbourne හි Wellington Parade හි පිහිටි හෝටලයේ සිදුවූ මෙම සිදුවීමේ ඉදිරි පරීක්ෂණ කටයුතු Victoria පොලීසිය මගින් දැනට ක්‍රියාත්මක කරනු ලබනවා.