සෙනසුරාදා පස්වරුවේ Queenstown සිට Sydney බලා ගමන් ඇරඹූ Qantas ගුවන් සේවයට අයත් QF122 දැරූ ගුවන් යානය, එන්ජිමේ හදිසි දෝෂයක් හේතුවෙන් Christchurch වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ගුවන් යානය ගුවන්ගත වූ වහාම එන්ජිමෙන් ගිනිදැල් නැගුණු බවට ඇතැම් පිරිස් ප්‍රකාශ කර ඇති අතර, කුරුල්ලෙකු එන්ජිමේ වැදීම (Bird Strike) හේතුවෙන් මෙම දෝෂය හටගන්නට ඇති බවයි නවසීලන්ත සිවිල් ගුවන් සේවා අධිකාරිය ආයතනය පවසන්නේ.

කෙසේ වෙතත්, නියමුවන් විසින් ආරක්ෂිතව යානය Christchurch ගුවන්තොටුපළ වෙත ගොඩබස්වා ඇති අතර, මගීන්ට සිදුවූ අපහසුතාව වෙනුවෙන් වෙනත් ගුවන් වාර සහ නවාතැන් පහසුකම් සැලසීමට Qantas ගුවන් සමාගම පියවර ගෙන තිබෙනවා.