Sydney හි Bossley Park ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් ගමන් කළ රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටී අසල වූ නිවාස දෙකකට කඩා වැටීමෙන් සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.
අද දහවල් Prairie Vale මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇත්තේ, පාරේ දිවගිය කුඩා ළමයෙකු සම්බන්ධයෙන් ලැබුණු හදිසි ඇමතුමකට ප්‍රතිචාර දක්වමින් පොලිස් රථය සයිරන් නාද කරමින් ගමන් කළ අවස්ථාවේදීයි. අනතුරින් රථ දෙකම මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ නිවාස දෙකක ගැටී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරට ලක්වූ Kia රථයේ සිටි 20 හැවිරිදි වියේ පසුවන රියදුරු කාන්තාව සහ 50 හැවිරිදි වියේ පසුවන කාන්තාව බරපතළ තත්ත්වයෙන් Westmead සහ Liverpool රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා. පොලිස් නිලධාරීන් දෙදෙනා සුළු තුවාල ලබා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.



