Sydney හි බටහිර ප්‍රදේශයේ Auburn හි පිහිටි Harrow මාර්ගයේ තිබූ කුණු බඳුනකින් අලුත උපන් බිළිඳෙකුගේ මළසිරුරක් හමුවී තිබෙනවා.

අද පෙරවරු 11:20ට පමණ ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් අදාළ ස්ථානය පරීක්ෂාවට ලක් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ අලුත උපන් බිළිඳාගේ මවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමුව ඇති බැවින්, වහාම ආසන්නතම රෝහල වෙත ගොස් හදිසි ප්‍රතිකාර ලබාගන්නා ලෙස ඇගෙන් ඉල්ලා සිටින බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් Auburn පොලිස් ස්ථානය වෙත හෝ Crime Stoppers වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.