කුඩා ළමයින් දෙදෙනෙකු ද මෝටර් රථයේ තබා ගනිමින්, අධිවේගී මාර්ගයක ප්‍රතිවිරුද්ධ දිශාවට රිය පදවා අනතුරක් සිදුකළ 36 හැවිරිදි පුද්ගලයෙකු Sydney හි Cumberland Highway හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Belmore ප්‍රදේශයේදී පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී පොලිස් අණ නොතකා මෙම පුද්ගලයා රථය පදවාගෙන ගොස් ඇති අතර, M4 Motorway හිදී වෙනත් රථයක ගැටී අනතුරට ලක්ව තිබෙනවා. පසුව ඔහු ආධාර කිරීමට පැමිණි කාන්තාවකගේ රථය බලහත්කාරයෙන් පැහැරගෙන, කුඩා ළමයින් දෙදෙනා ද සමඟ නැවතත් පළා යාමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේදී ඔහු වැළැක්වීමට උත්සාහ කළ 25 හැවිරිදි තරුණයෙකුට පිහි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, පසුව රාජකාරියේ නොසිටි පොලිස් සැරයන්වරයෙකු සහ ප්‍රදේශවාසීන් එකතු වී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධියෙන් සුළු තුවාල ලැබූ කුඩා ළමුන් දෙදෙනා සහ සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.