Sydney දුම්රිය ජාලයේ වැඩි අවදානමක් සහිත දුම්රිය වේදිකාවල සවිකළ රබර් ආරක්ෂිත ආවරණ (rubber gap fillers) හේතුවෙන් මගීන් අනතුරුවලට ලක්වීම විශාල ලෙස පහත වැටී තිබෙනවා.
Transport for NSW ආයතනයේ නවතම දත්තවලට අනුව, දුම්රිය සහ වේදිකාව අතර පරතරයට මගීන් ලිස්සා යාමේ සිදුවීම් 43% කින් සහ ඊට අදාළ තුවාල ලැබීම් 63% කින් අඩුවී ඇති බවයි වාර්තා වන්නේ. 2021 වසරේදී ආරම්භ කළ මෙම වැඩසටහන සාර්ථක වීමත් සමඟ ඩොලර් මිලියන 9 ක වියදමින් එය අනෙකුත් දුම්රිය ස්ථාන වෙත ද ව්‍යාප්ත කිරීමට පියවර ගැනුණා.
කෙසේවෙතත්, දුම්රිය සේවයේ පවතින වසර 165 කට වඩා පැරණි යටිතල පහසුකම් නිසා සෑම වේදිකාවකටම මෙම ආරක්ෂිත ආවරණ සවිකිරීම ඉංජිනේරුමය වශයෙන් අභියෝගයක් වී ඇති බවයි බලධාරීන් පවසන්නේ. එම නිසා ආරක්ෂිත ආවරණ සවිකර තිබුණද, දුම්රියට ගොඩවීමේදී සහ බැසීමේදී අවධානයෙන් පසුවන ලෙස Transport for NSW ආයතනය මගීන්ගෙන් ඉල්ලා සිටිනවා.



