ඕස්ට්‍රේලියාවේ ජීවන පිරිවැය ඉහළ යාමත් සමග, විශ්‍රාමිකයින්ට සුවපහසු ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය Superannuation අරමුදල් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.
Association of Superannuation Funds of Australia (ASFA) ආයතනය නිකුත් කළ නවතම වාර්තාවලට අනුව, තමන්ගේම නිවසක් හිමි යුවළකට සුවපහසු විශ්‍රාමික දිවියක් සඳහා වසරකට ඕස්ට්‍රේලියානු ඩොලර් 78,998ක් ද, තනි පුද්ගලයෙකුට ඩොලර් 56,166ක් ද අවශ්‍ය වනවා.
විදුලි ගාස්තු, වෛද්‍ය පිරිවැය, රක්ෂණ සහ වාහන නඩත්තු ගාස්තු උද්ධමනයට වඩා වේගයෙන් ඉහළ යාම හේතුවෙන් විශ්‍රාමිකයින් දැඩි ලෙස බලපෑමට ලක්ව ඇති බවයි ASFA හි ප්‍රධාන විධායක නිලධාරිනී Mary Delahunty පෙන්වා දෙන්නේ.
මේ අතර, ඉදිරි ඕස්ට්රේලියාෆෙඩරල් මැතිවරණය හමුවේ Superannuation අරමුදල් භාවිතය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ අතර දැඩි සංවාදයක් ද ගොඩනැගෙමින් පවතිනවා.



