Sydney හි south-west ප්‍රදේශයේ ලැව්ගිනි අවදානම අඩු කිරීම සඳහා සිදුකළ සැලසුම්ගත ගිනි තැබීමක් පාලනයෙන් ගිලිහී යාමෙන් පැතිර ගිය ලැව්ගින්නකින් RFS ගිනි නිවන රථ කිහිපයකට හානි සිදුව තිබෙනවා.
Campbelltown, Wedderburn හි Katanna මාර්ගයේදී මෙම සිද්ධිය සිදුව ඇති අතර, එහිදී එක් ගිනි නිවන රථයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තවත් රථ දෙකකට බරපතල හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ගින්න ආසන්නයේ පිහිටි දේපළ කිහිපයක් දෙසට පැතිර යාමේ අවදානමක් තිබුණද, අනතුරක් සිදුවීමට පෙර එය පාලනය කිරීමට ගිනි නිවන හමුදාව සමත් වුණා.
ස්ථානයේ සිටි පුද්ගලයින් 19 දෙනෙකු පරික්ෂාවට ලක් කර ඇති අතර, දුමාරය ආග්‍රහණය වීම නිසා එක් පුද්ගලයෙකුට ප්‍රතිකාර ලබාදී තිබෙනවා. කෙසේවෙතත් කිසිවෙකුත් රෝහල්ගත කර නැහැ.
මෙම ගින්න පාලනයෙන් ගිලිහී ගියේ කෙසේද යන්න සම්බන්ධයෙන් දැනට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.



