Melbourne හි south-west ප්‍රදේශයේ Altona North හි Borrack Square හි පිහිටි Café Squared ආපනශාලාව අසලදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ රාත්‍රී 7.00 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට රෝහල්ගත කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නැහැ.

පසුගිය ඉරිදා අලුයම Altona North හිදී වෙඩි ප්‍රහාරයකට ලක්ව තීරණාත්මක තත්ත්වයේ පසුවන Melbourne පාතාලයේ ප්‍රබලයෙකු වන Fadi Haddara සමඟ මෙම තුවාලකරුගේ සබඳතාවයක් පවතින බවටයි සැක කෙරෙන්නේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, පොලිසිය පරීක්ෂණ පවත්වනවා. මෙම වසර තුළ එම වෙළඳ සංකීර්ණය ආශ්‍රිතව සිදු වූ තෙවන වෙඩි තැබීමේ සිද්ධිය මෙයයි.