අනුමැතියකින් තොරව රහසිගතව වීඩියෝ සහ ඡායාරූප ගත හැකි Smart Glasses රට තුළට ආනයනය කිරීම තහනම් කිරීමට දැනට සැලසුම් කර නොමැති බව ඕස්ට්‍රේලියානු නීතිපති Michelle Rowland ප්‍රකාශ කරනවා.
කෙසේ වෙතත්, මහජන පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා විශේෂයෙන් සකස් කළ නව පනත් කෙටුම්පතක් ඇය විසින් එළිදක්වා තිබෙනවා. මෙමගින් තමන්ගේ පෞද්ගලික තොරතුරු සහ ඡායාරූප Social Media සහ සෙවුම් යන්ත්‍රවලින් ඉවත් කිරීමට ජනතාවට අයිතිය හිමිවන අතර, එය කඩකරන ආයතනවලට දැවැන්ත දඩ මුදල් පැනවීමටද යෝජනා කර තිබෙනවා.
Smart Glasses ආනයනය තහනම් නොකළද, පිහිනුම් තටාක, ළමා සුරැකුම් මධ්‍යස්ථාන වැනි පොදු ස්ථානවල ඒවා භාවිත කිරීම තහනම් කිරීමේ බලය ප්‍රාදේශීය සභා වෙත පවරා ඇති බවයි Attorney-General වැඩිදුරටත් සඳහන් කළේ.
මීට අමතරව, Passport හෝ Driver's licence වැනි පෞද්ගලික ලේඛන අන්තර්ජාලය හරහා අවභාවිත වීම වැළැක්වීම සඳහා 'IDLock' නමින් නව පහසුකමක් myGov හරහා හඳුන්වා දීමටද ඕස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබෙනවා



