කාන්තාවන්ට අනවශ්‍ය ලෙස ශල්‍යකර්ම සිදුකළ බවට චෝදනා ලැබූ ප්‍රසිද්ධ නාරිවේද විශේෂඥ වෛද්‍ය Simon Gordon ට එරෙහිව පවත්වාගෙන ගිය පරීක්ෂණ Victoria පොලීසිය විසින් නවතා දමා තිබෙනවා.
මෙම වෛද්‍යවරයා විසින් Endometriosis රෝගී තත්ත්වය පැවසෙමින්, පටක සහ අවයව ඉවත් කිරීමේ අනවශ්‍ය ශල්‍යකර්ම රැසක් සිදුකර ඇති බවට චෝදනා එල්ල වී තිබුණා. පසුව පැමිණි තොරතුරු මත Victoria පොලීසිය විශේෂ කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කළද, ඉදිරිපත් වූ කරුණු මත පදනම්ව මෙම අවස්ථාවේදී වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යාමට නොහැකි බවයි පොලිසිය සඳහන් කළේ.
කෙසේ වෙතත්, වෛද්‍ය Simon Gordon විසින් විෂමාචාරයන් සිදුකර ඇති බවට චෝදනා කරමින් ඕස්ට්‍රේලියානු වෛද්‍ය මණ්ඩලය විසින් මෙම චෝදනා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා Victoria හි VCAT විනිශ්චය සභාව වෙත යොමුකර තිබෙනවා. වෛද්‍යවරයා සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, ඔහු මේ වන විට වෛද්‍ය සේවයෙන්ද විශ්‍රාම ගෙන තිබෙනවා.



