ඕස්ට්‍රේලියාවේ Wilsons Promontory ජාතික උද්‍යානයේ පිහිටි සුප්‍රකට Sealers Cove පාගමන් සඳහා වූ මාර්ගය වසර පහකට පසුව නැවතත් මහජනතාව සඳහා විවෘත කර තිබෙනවා. 2021 වසරේදී ඇති වූ දැඩි කුණාටු හේතුවෙන් දැඩි ලෙස හානියට පත් වූ මෙම මාර්ගය, ඉදිරි ග්‍රීෂ්ම ඍතුව ඉලක්ක කරගනිමින් මෙලෙස ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීමටයි Parks Victoria ආයතනය පියවර ගෙන ඇත්තේ.
Victoria රජය විසින් ඩොලර් මිලියන 4.8ක වියදමින් කිලෝමීටර 2ක පාලම් කොටසක් නැවත ඉදිකර ඇති අතර, අධික වගුරු සහිත සහ වාහන ළඟාවිය නොහැකි දුෂ්කර ප්‍රදේශයක් වූ බැවින් ඉදිකිරීම් ද්‍රව්‍ය හා ශ්‍රමිකයන් ප්‍රවාහනය කිරීමට හෙලිකොප්ටර් සහ බෝට්ටු පවා භාවිත කිරීමට සිදුව තිබෙනවා. මුහුදු මට්ටම ඉහළ යාමට ඔරොත්තු දෙන පරිදි විශේෂිත ප්ලාස්ටික් (fibre-reinforced plastic) යොදාගනිමින් සෙන්ටිමීටර 30ක් උසින් ඉදිකළ මෙම නව මාර්ගය විවෘත වීමත් සමඟ, නැවතත් සංචාරකයන් විශාල පිරිසක් Wilsons Promontory වෙත ඇදී එනු ඇතැයි බලධාරීන් විශ්වාස කරනවා.



