ඉහළ යන උද්ධමනය පාලනය කිරීමට නම් රජයේ වියදම් සීමා කළ යුතු බවත්, ඒ වෙනුවෙන් ජනතාවට තවදුරටත් පීඩනයක් ඇති නොවන ලෙස කටයුතු කළ යුතු බවත් ප්‍රකට ආර්ථික විශේෂඥ David Koch මහ බැංකුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.එළඹෙන සැප්තැම්බර් 29 වනදා ඕස්ට්‍රේලියානු මහ බැංකුවෙහි මීළඟ පොලී අනුපාත තීරණය ගැනීමට නියමිත පසුබිමකයි ඔහු මේ බව කියා සිටියේ.
ඕස්ට්‍රේලියානු මහ බැංකුවේ අධිපති Michele Bullock වෙත ලිපියක් යොමු කරමින් David Koch පෙන්වා දෙන්නේ, පවතින අධික ජීවන වියදම හමුවේ ජනතාව දැනටමත් තම වියදම් සීමා කර ඇති බවයි.
එබැවින් ඉහළ යන තෙල් මිල සහ සෞඛ්‍ය, ළමා සුරැකුම් වැනි ක්ෂේත්‍ර සඳහා රජය දරන අධික වියදම් නිසා ඇතිවන උද්ධමන පීඩනයට, තවදුරටත් පොලී අනුපාත ඉහළ නැංවීමෙන් ජනතාවට බලපෑමක් ඇති නොකරන ලෙස ඔහු ඕස්ට්‍රේලියානු සංචිත බැංකුවෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.



